
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව එළඹෙන සඳුදා (04) සිට තවත්
දිස්ත්‍රික්ක තුනකදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි
අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජනතාවට මාතර, මහනුවර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ
ශාඛාවලින් අදාළ සේවාව ලබා ගැනීමට හැකියාව ලැබේ.
