Search

මෙල්බන් වෙඩි තැබීමේ සිද්ධියක සැකකරුවෙකුට වෙඩි ප්‍රහාරයක්

මෙල්බන් Epping ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා.

අද අලුයම 02 ට පමණ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කලා.

ඒ වනවිට පුද්ගලයන් 05 දෙනෙකු නිවසෙහි රැඳී සිට ඇති අතර පසුගිය 14 වනදා සිදුවූ වෙඩි තැබීමක සැකකරුවෙකු වන පසුගිය සතියේදී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙකුද ඒ අතර වනවා.

ඔහු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මෙල්බන් නගරය තුළදී දින 04 ක් ඇතුළතදී සිදුවූ 03 වන වෙඩි තැබීම මෙයයි.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »