“ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා”

ජනතාව වෙනුවෙන් මාස්පතා රුපියල් මිලියන 50 බැගින් තම පුද්ගලික ධනයෙන් වියදම් කිරීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා.

මම ඇමතිධුරයේ වැඩ භාර ගත්තේ මගේ පෞද්ගලික සල්ලිත් මම මාසෙට මිලියන 50 ගානේ දානවා කියලා හිතාගෙන.

ඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ.

මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා.

ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ.”

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »