
සේවක හිගය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවය විසින් අද අලුයම පැය 04 ක කාලයක් සඳහා Code Red තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අලුයම 12.15 සිට එය ක්‍රියාත්මකව පැවති බව සඳහන්.
අදාළ කාලසීමාවේදී ගිලන් රථ සහය ඉල්ලා ඇමතුම් රැසක් ලැබී ඇති අතර ප්‍රතිචාර නොදැක්වූ ඇමතුම් ගණන කොපමණදැයි මෙතෙක් නිල තොරතුරු ලැබී නැහැ.

වික්ටෝරියා ගිලන් රථ සේවකයන් 146 දෙනෙකු ඊයේ දිනයේද සේවයට වාර්තා කර තිබුණේ නැහැ.
මේ අතර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍යම කරුණකදී හැර 000 ඇමතීමෙන් වළකින ලෙසයි.
