PHOTOS : මීගමුවෙන් බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 47 ක් අල්ලයි

BOAT NAVY

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 47 දෙනෙකු මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකල සෝදිසි මෙහෙයුමකදීයි බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මෙම පිරිසා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06 ක් සහ ළමුන් 07 ක් ඒ අතර වුණා.

වයස අවුරුදු 01 ත් 50 ත් අතර වයසේ පසුවන සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කලා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »