විරෝධතා නිසා සිඩ්නි මාර්ග රැසක් අවහිරයි – 11 ක් අත්අඩංගුවට

සිඩ්නි CBD හි මාර්ග අවහිර වන අයුරින් විරෝධතා සිදුකල 11 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශගුණ විපර්යාස පාදක කර ගනිමින් සිඩ්නි නගරයට පිවිසෙන මාර්ග අවහිර කර විශාල පිරිසක් මේ වනවිටත් විරෝධතා සිදුකරමින් පවතිනවා.

ඔවුන් සිඩ්නි වරාය පිවිසුම් උමං මාර්ගයද වසා දමා ඇති බව සඳහන්.

විවිධ මාර්ග බාධක යොදා මාර්ග හරස් කරමිනුයි මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරත වූයේ.

මේ අතර ඉදිරි දිනවලදීත් සිඩ්නි නගරයේ විවිධ ස්ථානවල විරෝධතා පවත්වන බවට ඔවුන් අනතුරු අගවා තිබෙනවා.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »