UK ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

එක්සත් රාජධානියේ (United Kingdom) ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන්නන් වෙත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් ඊට අයදුම් කරන ලෙසත් වීසා ක්‍රියාවලිය සඳහා සති 5 ක පමණ කාලයක් ගත වන බවත්ය.

“අපට අගෝස්තු මාසයේදී ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බැවින් ඔබ දැන් ඔබේ අයදුම්පත්‍රය සකස් කර ඉදිරිපත් කිරීමට පටන් ගත යුතුය“,

යනුවෙන් ට්විටර් සටහනක් තබමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ බව කියා සිටී.

TWITTER –

https://twitter.com/UKinSriLanka/status/1539891377139580934?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1539891377139580934%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=http%3A%2F%2Fbiz.adaderana.lk%2Fuk-e0b781e0b792e0b782e0b78ae2808de0b6ba-e0b780e0b793e0b783e0b78f-e0b685e0b6bae0b6afe0b794e0b6b8e0b78ae0b69ae0b6bbe0b794e0b780e0b6b1%2F

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »