වික්ටෝරියා අධිවේග කැමරා මගින් ඩොලර් මිලියන 108 ක දඩ උපයාගනී

පසුගිය වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සැළකීමේදී වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේග නිරීක්ෂණ කැමරා මගින් මාර්ග නීති කඩකල රියදුරන් 375,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ට නියම කර ඇති දඩ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 108 කට වැඩි බව සඳහන්.

Broadmeadows හි Western Ring මාර්ගයේ පිහිටා ඇති කැමරාවක් මගිනුයි වැඩිම දඩ ප්‍රමාණයක් උපයාදී ඇත්තේ.

එයින් ඩොලර් මිලියන 11 කට වැඩි මුදලක් උපයාදී ඇත්තේ දඩ නිකුත් කිරීම් 30,000 කට වැඩි සංඛ්‍යාවක් හරහායි.

Heidelberg හි පිහිටා ඇති එක් කැමරාවක් මගින් ඩොලර් මිලියන 2.8 ක දඩ ප්‍රමාණයක්ද – St Kilda හි පිහිටා ඇති කැමරාවක් මගින් ඩොලර් මිලියන 1.9 ක මුදලක්ද උපයා දී තිබුණා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »