හොරෙන් ඔස්ටේ්‍රලියා යන්න ගිය 399 ක් මාස 06 කදී ලංකාවේදී අත්අඩංගුවට

NAVY BOAT

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 91 දෙනෙකු පසුගියදා මෙරටට පිටුවහල් කර තිබු අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එරට අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05කට ආසන්න සිරදඬුවමකට ගමන් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට පත් වූ පසු වහාම ක්‍රියාත්මක වන පරිදි සංක්‍රමණය වීමට භාවිත කළ බෝට්ටු පවා ගිනි තබමින්

සංක්‍රමණිකයින් මෙරටට පිටුවහල් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »