ශ්‍රී ලංකන් විකුණයිද ?

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේරුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.

-Lankadeepa-

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »