ලංකාව තුළදී අයෙකුට තබාගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකර නව නියමයක්

ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000 ක් හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියමයක් පණවා තිබෙනවා.

මෙතෙක් එය පැවතියේ ඩොලර් 15,000 ක් ලෙසයි.

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමා – නියමයන් හා කොන්දේසි සංශෝධනය කර මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ශනය කරගැනීමේ අරමුණ ඇතිවයි මුදල් අමාත්‍යවරයා විසින් විදේශ විනිමය පණත යටතේ මීට අදාළ නියමයන් නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පසුගිය 16 වනදා සිට මෙම නියමය බලාත්මක වන අතර දැනට අදාළ ප්‍රමාණය ඉක්මවා සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන්ට එම මුදල් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට දින 14 ක පොදු සමා කාලයක් ලබාදී තිබෙනවා.

නොඑසේනම් බලයලත් වෙළෙන්දෙකුට එනම් බලපත්‍රලාභී වාණිජ බැංකුවකට ඒවා අලෙවි කිරීමටද අවස්ථාව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මෙම පොදු සමා කාලය අවසානයේදී මෙම නියමයන් උල්ලංඝනය කරමින් තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පණතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ගන්නා බවද මහ බැංකුව අවධාරණය කරනවා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »