
තම සේවකයන්ට ඩොලර් 5000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
19,000 කට ආසන්න සේවකයන් පිරිසකට එම ප්‍රතිලාභය අත්වීමට නියමිතයි.
ක්වන්ටාස් සමාගම සිය මූල්‍ය වාර්තාවක් අද නිකුත් කල අතර ඊට අනුව ඔවුනගේ දළ ණය ප්‍රමාණය සටහන් වන්නේ ඩොලර් බිලියන 6.4 ක් ලෙසයි.

එහෙත් කොවිඩ් තත්වයට පෙර එය පැවතියේ ඩොලර් බිලියන 4 ක් ලෙසයි.
කෙසේවෙතත් මෙම ප්‍රසාද දීමනාව කළමනාකාරිත්වයට සහ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ට හිමිවන්නේ නැහැ.
