පෝලිම්වල සිට පාස්පෝට් හැදුවත් සිතූ තරම් ලාංකිකයන් පිරිසක් විදෙස්ගතවී නෑ

ජනවාරියේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 04 ක් නිකුත් කර ඇතත් තවමත් විදේශගත වී ඇත්තේ, ඉන් 70,000 ක් පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එය ප්‍රතිශතයක් ලෙස ගත හොත් විදේශ ගමන් බලපත්‍ර ලබාගත් සංඛ්‍යාවෙන් 20% කටත් අඩු අගයක්.

දෛනික ව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ද මේ වනවිට 2400 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරෙන අතර, සාමාන්‍ය සේවය යටතේ 800 ක් නිකුත් කෙරෙනවා.

එමෙන්ම, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අයදුම්පත් භාරදීමට නො හැකි වූ පුද්ගලයන්ට වෙනත් දිනයක් ලබාදෙන අතර, එලෙස දින ලබාදුන් 600 කගේ පමණ විදේශ ගමන් බලපත්‍ර ද නිකුත් කිරීම දෛනික ව සිදු කරනු ලබනවා.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍රලාභීන් ලක්ෂ 35ත් 45ත් අතර ප්‍රමාණයක් සිටින අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ගේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »