සති අන්තය එළැඹීමත් සමග ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළ ගණනාවක දැඩි පෝලිම්

සති අන්තය එළැඹීමත් සමග ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ ගණනාවක දැඩි පෝලිම් තත්වයක් හටගෙන තිබෙනවා.

පාසල් නිවාඩුව පැමිණීමත් සමග මිලියන ගණනක් වන ජනතාව සංචාර සඳහා පිටත්ව යාමයි ඊඨ හේතුව වන්නේ.

මෙල්බන් ගුවන් තොටුපළේ අද උදාසන 06 පමණ සිට දිගු පෝලිම් පැවති බව සඳහන්.

අද සිට ලබන ජූලි 14 වනදා දක්වා පුද්ගලයන් ලක්ෂ 21 ක් පමණ ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

පසුගිය පාස්කු නිවාඩු සමයේ එය ලක්ෂ 17 ක් ලෙසයි පැවතුණේ.

සිඩ්නි ගුවන් තොටුපළේද මෙම කාලසීමාව තුළ මිලියන 2.1 ක පමණ ගුවන් මගීන් සංඛ්‍යාවක් අපේක්ෂා කෙරෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »