
මෙම වසරේ පැවැත්වෙන වික්ටෝරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට වික්ටෝරියා හි ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් 04 දෙනෙකු තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අගමැති ජේම්ස් මර්ලීනෝ – සෞඛ්‍ය ඇමති මාර්ටින් ෆොලී – පොලිස් ඇමතිනී ලීසා නෙවිල් සහ ක්‍රීඩා හා සංචාරක ඇමති මාර්ටින් පකුලා මීට අයත්.
ඔවුන් 04 දෙනාම අද පාර්ලිමේන්තුවේදී ඒ බව දැනුම් දී ඇතැයි සඳහන්.

මෙම ඉල්ලා අස්වීම්ද සමග වික්ටෝරියා ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
ඒ අනුව වසර 04 ක් තුළ වික්ටෝරියාවට 04 වන සෞඛ්‍ය ඇමතිවරයාද පත්වනු ඇති.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් මෙම ඉල්ලා අසවිීම් හෙට දිනයේදී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.