ජීවත්වීමට සුදුසුම නගරවලින් ඔස්ටේ්‍රලියාව හැලේ – මෙල්බන් ජාම බේරාගනී

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගර ලැයිස්තුවෙන් ඔස්ටේ්‍රලියානු නගර කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ නිකුත් කල දර්ශකයට අනුව ඔස්ටේ්‍රලියානු නගර 04 ක් මුල් ස්ථාන 10 අතරට ඇතුළත්ව තිබුණද මෙවර ඇතුළත්ව සිටින්නේ මෙල්බන් නගරය පමණයි.

එහි ශ්‍රේණිගත කිරීමද පසුගිය වසරේ පැවති 08 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා පහළගොස් තිබෙනවා.

2021 වසරේදී ඇඩිලේඩ්, පර්ත් සහ බ්‍රිස්බේන් නගර මෙම දර්ශකය තුළ පිළිවෙලින් 3, 6 සහ 10 වැනි ස්ථාන හිමි කරගත්තද මෙවර පිළිවෙලින් 30, 32 සහ 27 ස්ථානවලට ඇද වැටී තිබෙනවා.

මෙවර ජීවත්වීමට වඩාත් සුදුසුම නගර 10 ලැයිස්තුවට ඇතුළත් නගර 07 ක්ම පසුගිය වර ලැයිස්තුවට ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

2022 ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය බවට පත්ව සිටින්නේ ඔස්ට්‍රියාවේ වියනා අගනුවරයි.

කැනඩාවේ නගර 03 ක්ම පළමු ස්ථාන 10 අතරට ඇතුළත්ව සිටිනවා.

ගියවර මෙම දර්ශකයේ පළමු තැනට පත්වූ නවසීලන්තයේ Auckland නුවර මෙවර දර්ශකයේ 34 වැනි ස්ථානයට පහත බැස තිබෙනවා.

නවසීලන්තයේ Auckland නුවරට පැනවූ දැඩි කොවිඩ් නීති හා සීමාවන් ඊට හේතුව බව සඳහන්.

1. Vienna

2. Copenhagen

3. Zurich

4. Calgary

5. Vancouver

6. Geneva

7. Frankfurt

8. Toronto

9. Amsterdam

10. Osaka / Melbourne

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »