වනිඳු හසරංග T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් දහයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු දැන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවනවා.

ඔස්ට්‍රේලියානු ජාතික ජොෂ් හේසල්වුඩ් මෙම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ රැඳී සිටිනවා.

මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ වැදගත්ම ඉලක්කය බව වනිඳු හසරංග පවසයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණයේ සියයට දහයක් පමණ තව දියුණු කර ගැනීම අනිවාර්ය බවත්, එසේ වුව හොත් ලෝක කුසලානය ළංවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විශාල පෙරැළියක් කළ හැකි යැයි වනිඳු හසරංග පැවැසීය.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »