ලංකාවට සල්ලි එව්වොත් Electric Car එකක්

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

තීරු බදු සහනයක් නොවන, වාහන ආනයනය සදහා වන බලත්‍රයක් විදේශගත ශ්‍රමිකයින්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි ඔහු කියාසිටියේ.

මේ වන විට වාහන ආනයනය තහනම් කර ඇති බැවින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගතව සේවය කරන ශ්‍රමිකයන්ට පමණක් මෙම වාහන ආනයනය කිරීමේ බලපත්‍රය ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කලා.

මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවයි ඔහු ප්‍රකාශ කලේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් බවට පත්ව තිබෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමට ඉතා අඩු පොලීයට නිවාස ණය ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු සමග සාකච්ඡා කර ඇති බවද මනුෂ නානායක්කාර කියාසිටියා.

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »