බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට නඩු පවරයි

හැමිල්ටන් සංචිත බැංකු පුද්ගලික සමාගම නම් ආයතනය විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයේ තමන්ට හිමි ඩොලර් මිලියන 250 කට වැඩි මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5 ක් වහාම ගෙවන ලෙසයි.

ලබන මස 25 වනදාට අදාළ බැඳුම්කරය කල් පිරීමට නියමිත බවයි හැමිල්ටන් සංචිත බැංකු පුද්ගලික සමාගම නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ ගොණු කර ඇති අදාළ නඩුවේ දක්වා ඇත්තේ.

මෙම හැමිල්ටන් සංචිත බැංකු පුද්ගලික සමාගම ශාන්ත කිට්ස් දූපත් හි ස්ථාපිත කරන ලද සමාගමක්ද වනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »