දෙසැම්බර් වනවිට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 07 දක්වා ඉහළට

ලබන දෙසැම්බර් මාසය වනවිට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 07 දක්වා ඉහළ යනු ඇති බවට සංචිත බැංකුවේ අධිපති ආචාර්ය පිලිප් ලෝ පවසනවා.

දැනට උද්ධමනය පවතින්නේ සියයට 5.1 ක් ලෙසයි.

පසුගිය මැයි මාසයේ සිට ඉන්ධන මිළ ඉහළ යාමත් එහි ප්‍රථිඵලයක් ලෙස විදුලිය සහ ගෑස් මිළ ගණන් ඉහළයාමත් හමුවේ ඉදිරියේදී උද්ධමනය තවත් ඉහළ යා හැකි බවටයි සංචිත බැංකුවේ අධිපතිවරයා අනතුරු අගවන්නේ.

කෙසේවෙතත් නැවතත් 2023 වසදරේ සිට උද්ධමනය අඩුවීමට පටන්ගනු ඇති බවත් පිලිප් ලෝ පවසා සිටියා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-russia-ukraine-updates-latest-headlines-june-21-2022/33cc96b0-a089-45a5-9544-de015eaea910#post=b17cdffa-21d5-4270-902d-d4d6adb1c216

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »