ඔස්ටේ්‍රලියාව තුළ වාහන අංක තහඩු සොරකම් සීඝ්‍රයෙන් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග වාහන අංක තහඩු සොරකම්ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණ මුදල් නොගෙවා ඉන්ධන රැගෙන යන පුද්ගලයන් ඔවුන් හඳුනා නොගැනීම සඳහා සිය වාහන වෙත එලෙස සොරකම් කරන ලද අංක තහඩු සවි කිරීමට පෙළඹීමයි.

RAA හෙවත් රාජකීය රථවාහන සම්මේලනයට අනුව ගතවූ මාස 12 තුළදී වාහන අංක තහඩු සොරකම් කිරීම සියයට 15 කින් ඉහළගොස් තිබෙනවා.

ඔවුන් සඳහන් කරන පරිදි ඇතැමුන් මෙලෙස වංචා කරන මුදල ඩොලර් 100 ත් 200 ත් අතර වනවා.

පවතින තත්වය හමුවේ වාහන අංක තහඩු සඳහා නවීන තාක්ෂණික විධි ඇතුළත් කිරීමට කාලය එළැඹ ඇති බවයි රාජකීය රථවාහන සම්මේලනය අවධාරණය කරන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »