
අනවසර සංක්‍රමණික ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ මානුෂීය තත්වය පිළිබඳ විමසා බැලීමට වහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නැයි ඡායා කැබිනෙට්ටුවේ සංක්‍රමණ අමාත්‍ය ඩෑන් ටෙහාන් විසින් අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අගමැතිවරයා අද කල ප්‍රකාශයෙන් අනතුරුවයි.
බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පැමිණෙන කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ පදිංචි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද අවධාරණය කලා.

ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි බවත් දේශ සීමා ආරක්ෂණය පුලුල්ව ක්‍රියාත්මක බවත් මෙල්බන් නුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලා.
මෙලෙස පැමිණෙන අයගෙන් බහුතරයක් ස්ථිර පදිංචිය ලැබේ යැයි වැරදි වැටහීම් මත පැමිණෙන අය බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් කිසිදු ලිහිල් කිරීමක් සිදුකර නොමැති අතැර දැඩි පියවර අඛණ්ඩව අනුගමනය කෙරෙන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.