
බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පැමිණෙන කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ පදිංචි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.
ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලි බවත් දේශ සීමා ආරක්ෂණය පුලුල්ව ක්‍රියාත්මක බවත් මෙල්බන් නුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලා.
මෙලෙස පැමිණෙන අයගෙන් බහුතරයක් ස්ථිර පදිංචිය ලැබේ යැයි වැරදි වැටහීම් මත පැමිණෙන අය බවයි අගමැතිවරයා කියාසිටියේ.

කෙසේවෙතත් කිසිදු ලිහිල් කිරීමක් සිදුකර නොමැති අතර දැඩි පියවර අඛණ්ඩව අනුගමනය කෙරෙන බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ටේ්‍රලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ජනාධිපතිවරයා – අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ.
රටේ වත්මන් ආර්ථික තත්වය සහ නීතිවිරෝධී මිනිස් සංක්‍රමණ පිළිබඳ මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති.