ටොයොටා වාහන හිමියන්ට ඩොලර් බිලියන 02 ක වන්දියක්

ඔස්ටේ්‍රලියාව තුළ ටොයොටා මෝටර් රථ භාවිත කරන්නන් 260,000 කට පමණ ඩොලර් බිලියන 02 ක වන්දි මුදලක් හිමිවීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

මෙම වසර මුලදී ෆෙඩරල් අධිකරණයක් ලබාදුන් අධිකරණ නියෝගයක් අනුවයි මෙම වන්දි මුදල් හිමිවීමට නියමිතව ඇත්තේ.

2015 ඔක්තෝබර් 01 සිට 2020 අප්‍රේල් 23 දක්වා අලෙවි කරන ලද Toyota Hilux, Prado සහ Fortuner යන වර්ගවල මෝටර් රථවල පැවති කිසියම් දෝෂයක් හමුවේ අදාළ වාහන මිළදී ගත් පුද්ගලයන්ට එලෙස ඩොලර් බිලියන 02 ක වන්දියක් අනුමත වුණා.

මෙය සැළකෙන්නේ ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වාණිජමය කරුණක් මත ලබාදීමට නියම කල ඉහළම දඩය ලෙසයි.

මෙම අධිකරණ තීන්දුවත් සමග අදාළ මාදිලිවල මෝටර් රථවල වෙළඳපොළ වටිනාකම සියයට 17.5 කින් පමණ අඩුවීමද විශේෂත්වයක්.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »