බෝට්ටු ගමන වැරදුණු තවත් 41 ක් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර කටුනායකට

NAVY BOAT

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , ක්‍රිස්මස් දූපතේ රදවා තබා නැවතත් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

මොවුන් මීගමුව, මුලතිව්, හලාවත, උඩප්පුව, තොඩුවාව සහ මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම පිරිසෙන් 35 දෙනෙකු වැඩිහිටියන් වූ අතර අනෙක් 06 දෙනා අවුරුදු 16 ට අඩු ළමුන් වනවා.

මෙම ශ්‍රී ලාංකිකයන් ක්‍රිස්මස් දූපතේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ අතර 100 කට අධික ඔස්ටේ්‍රලියානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූණා.

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ රාත්‍රී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් මාලන් ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම ශ්‍රී ලාංකිකයන් අතර සිටි 37 දෙනෙකු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම මුහුදු ගමන සංවිධාන කිරීමට ඍජුවම දායක වූ 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

නඩුව ලබන 30 වනදා යළිත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවීමට නියමිතයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »