
සිඩ්නි Wollongong ආසන්නයේදී විදුලි බලාගාරයක ඊයේ පස්වරුවේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා.
කෙසේවෙතත් අධික දුමාරයක් තවමත් ප්‍රදේශයේ පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ.
Princess Highway ආසන්නයේ පිහිටා ඇති Transgrid Substation හි මෙම ගින්න හටගෙන තිබුණා.

ලීටර් 10,000 ක් පමණ ඉන්ධන මෙහිදී ගිනිගැනීමකට ලක්ව ඇති බවද සඳහන්.
ගින්න මුලුමනින්ම නිවා දැමීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මෙමගින් ප්‍රදේශයේ විදුලි සැපයුමට බාධාවක් නොමැති බවද බළධාරීන් අවධාරණය කරනවා.