
සූදු ක්‍රීඩා සඳහා දැනට අය කෙරෙන බද්ද ඉහළ දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ලබන සතියේදී ඉදිරිපත් කෙරෙන ප්‍රාන්ත අයවැයට එම යෝජනාව ඇතුළත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
කොවිඩ් තත්වය හමුවේ කඩාවැටුණු ආර්ථිකය නැවත නගාසිටුවීමටත් – අධ්‍යාපනය වැනි අංශ සඳහා යෙදවීමට අමතර මුදල් සොයාගැනීමත් මෙහි අරමුණ බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර සෞඛ්‍යය සහ සංක්‍රමණය වැනි අංශ වෙනුවෙන් තවත් ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලා.
ඊට අමතරව වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට යෝජනා වී ඇති ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ ප්‍රවාහනයයි.
