IMF යාම ප්‍රමාදවීම අත්වැරදීමක් – මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මීට පෙර ගොස් තිබුණේ නම් අද වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයකට රට පත් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

එම ප්‍රමාදය අත්වැරදීමක් ලෙස තමා හඳුන්වාදෙන බවයි අධිපතිවරයා කියාසිටියේ.

බී බී සී මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කලා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වසරකට පෙර සිදුකල යුතුව තිබු බවත් ඔහු කියාසිටියා.

1948 වසරේදී නිදහස ලැබීමෙන් පසු රට මුහුණ පෑ දරුණුතම ආර්ථික අර්බුදයට මේ වනවිට මුහුණ දෙමින් සිටින බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කලේ.

ශ්‍රී ලංකාවට ණය මුදලක් පිරිනැමීම සම්බන්ධ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම මාසය අවසානයේදී සිය ධූර කාලය අවසන්වුවද තවදුරටත් තනතුරේ රාජකාරි කිරිමට කැමැත්තෙන් පසුවන බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලේ.

මාස 02 ක් වැනි කෙටි කාලයක් පමණක් සේවය කිරීමට සිදුවන බව දන්නේ නම් තනතුර භාර නොගන්නා බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 15 ක් චීනයට හිමිවන අතර ඔවුන් හොඳ මිතුරෙකු ලෙස ඉදිරියටත් සහයෝගය දෙනු ඇතැයිද අධිපතිවරයා විශ්වාසය පළකරනවා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »