සාමකාමී රටවල් ලැයිස්තුවේ ලංකාව උඩට එයි – ඔස්ටේ්‍රලියාව පහළට

ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ස්ථාන 13 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.

2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 90 වන ස්ථානයයි.

ත්‍රස්තවාදී ක්‍රියා – දේශපාලන අස්ථාවරභාවය – යුක්රේන රුසියා ගැටුම් ආදී සාධක රැසක් මෙවර දර්ශකය සකස් කිරීමේදී පාදක කරගෙන තිබෙනවා.

2022 ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ මෙවර පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ අයිස්ලන්තය වන අතර නවසීලන්තය – අයර්ලන්තය – ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව පිළිවෙලින් මුල් ස්ථාන 05 රැඳී සිටිනවා.

දර්ශකයේ පහළම ස්ථාන 05 හිමිකරගෙන ඇත්තේ ඇෆ්ඝනිස්ථානය – යේමනය – සිරියාව – රුසියාව සහ දකුණු සුඩානයයි.

රටවල් 90 ක් 2021 වසරට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර රටවල් 71 ක් පසුබෑම් පෙන්නුම් කර තිබෙනවා.

මෙවර වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ඔස්ටේ්‍රලියාවට මෙවර ලැබී ඇත්තේ 27 වන ස්ථානයයි.

එය පසුගිය වසරට වඩා ස්ථාන 09 ක පහළයාමක්.

චිනය සමග ඇතිව පවතින මතභේදයයි ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »