
ඔස්ටේ්‍රලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාසවල අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නැයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් ඉල්ලීමක් කර තිබෙනවා.
එසේ නොවුණහොත් දිනකට පැය 02 ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවා සිටින්නේ.
විදුලිය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයිද බලශක්ති අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු දන්වා ඇත්තේ පස්වරු 06 ත් රාත්‍රී 08 ත් අතර හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
ඔස්ටේ්‍රලියාව තුළ මාස 03 ක පමණ සිට පැවති බලශක්ති අර්බුදය මේ වනවිට උච්ඡ තත්වයකට පත්ව තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව ලොව ප්‍රධානතම ගල් අගුරු අපනයනකරුද වන අතර ගල් අගුරු භාවිතයෙන් විදුලිය නිපදවීමත් පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමු නොවීමත් මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.