විදෙස් රටවල ගුරුවරුන්ට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වැඩි ඉඩක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට විදේශයන් හි සිට වැඩිපුර ගුරුවරුන් ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරොටේ සඳහන් කලේ.

දැනටමත් විදේශීය ගුරුවරුන් විසින් ඉදිරිපත් කරන ලද වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවද ඔහු කියාසිටියා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව child care මධ්‍යස්ථාන 50 ක් ඉදි කිරීමටද නියමිත බව ප්‍රාන්ග අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

විශේෂයෙන් ළමුන් සිටින කාන්තාවන්ට රැකියා සඳහා යාමට ඉඩ සළසා දීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »