Search

ඔබ JobSeeker දීමනා ලාභියෙක් ද​? එසේනම් මේ සතිය අවසානයේ දීමනා කප්පාදුවකට සූදානම් වන්න​.

ඔබ JobSeeker දීමනා ලාභියෙක් ද​? එසේනම් මේ සතිය අවසානයේ දීමනා කප්පාදුවකට සූදානම් වන්න​.
If you’re on JobSeeker, prepare for a pay cut this week

එළඹෙන සිකුරාදා (25/09), ඕස්ට්‍රේලියානු රජය විසින් JobSeeker ලබන්නන් සහ තවත් කොරෝනා වයිරස් අතිරේක ලබන්නන් හට ලැබෙන දීමනා සමහරක් කපා හරිනු ඇත.

දැනට, ඔබ යැපෙන්නන් නොමැති තනිකඩයෙක් නම්, ඔබට සෑම සති දෙකකට වරක් JobSeeker වෙතින් ඩොලර් 1,115 ක් ලැබේ.

එම දීමනාව සෑදී ඇත්තේ ඩොලර් 565 ක දෙසතියක මූලික අනුපාතය සහ ඩොලර් 550 ක කොරෝනා වයිරස් අතිරේකය යන දීමනා දෙකේ එකතුවෙනි.

එළඹෙන සිකුරාදා සිට දෙසතියකට වරක් කොරෝනා වයිරස් අතිරේකය ඩොලර් 550 සිට 250 දක්වා අඩු කෙරේ. මේ අනුව​​ සෑම දෙසතියකට වරක් ඩොලර් 815 ක් දක්වා තනිකඩයන් සඳහා ගෙවීම් සිදු වේ.

JobSeeker මේ වසර අවසානය දක්වා එම අනුපාතයේ පවතිනු ඇති නමුත් ඉන් පසුව කුමක් සිදුවේදැයි රජය තවම පවසා නැත.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »