
ඔස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට පැවැත්වෙන 02 වන එක්දින තරගය අහිමිවන ලකුණු පළවී තිබෙනවා.
ඔහු පාදයේ ආබාධයකටයි ගොදුරු වී ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අයිසීසී විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 16 ක් ඉදිරියට පැමිණෙමින් අටවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ තිබෙනවා.

නිමාවට පත්වූ ඔස්ට්‍රේලියා * ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේදීද මහීෂ් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වුනා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිකුත් කල විස්සයි විස්ස පන්දු යවන්නන් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එහි පලමු ස්ථානයේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ජෝස් හේසල්වුඩ්.

දෙවැනි ස්ථානය එංගලන්තයේ ආදිල් රෂිඩ් හටත් / තුන්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රිස් ශම්සි ටත් හිමිව තිබෙනවා.
වනිදු හසරංග 7 වැනි ස්ථානයේයි පසුවන්නේ.එමෙන්ම වනිදු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් වර්ගීකරණ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැදි සිටිනවා.