මේ වසරේ සිට​ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ට සහන මිලට ලැප්ටොප් පරිගණක

මේ වසරේ සිට​ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ට සහන මිලට ලැප්ටොප් පරිගණක
Laptops at concessionary rates for students admitted to universities in Sri Lanka from this year

මෙවර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට සහන ණයක් ලබා දීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය කියා සිටියේ, රාජ්‍ය බැංකුවක් සමඟ එක්ව එම ණය මුදල ලබා දෙන බවයි.

ඒ අනුව, රු.ලක්ෂයක සහන ණයක් මේ යටතේ සිසුන්ට ලබා දීමට තීරණය කර තිබේ.

එම ණය යළි ප්‍රතිපූර්ණය කළ යුත්තේ අදාළ සිසුවා උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයක් වේ.