ශ්‍රී ලංකා සංචාරයේදී 05 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට

ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ද ආබාධයකට ගොදුරු වී තිබෙනවා.

ඊයේ පැවති පළමු එක්දින තරගයේදී ඔහු මෙම ආබාධයට ලක්වී ඇති බව සඳහන්.

මේ අනුව හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගයටද ඈෂ්ටන් ඒගාර් ගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමකට පත්වී තිබෙනවා.

ටෙස්ට් තරගාවලියේ ඔහු ගේ සහභාගීත්වය පසුව තීරණය කිරීමට නියමිත බව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.

ශ්‍රී ලංකා සංචාරය තුළදී ආබාධයකට ගොදුරුවූ 05 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයා වන්නෙව් ඈෂ්ටන් ඒගාර්.

Sean Abbott, Mitchell Starc, Mitch Marsh – Kane Richardson යන ක්‍රීඩකයන්ද පසුගිය දිනවල විවිධ ආබාධවලට ගොදුරු වී තිබුණා.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »