ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ දක්ෂතාවයෙන් මහා විනාශයක් නූලෙන් වළකී

SRI LANKAN AIR LINES

උඩු ගුවනේදී සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දක්ෂ නියමුවෙකු සමත්වී තිබෙනවා.

ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට UL504 දරන ගුවන් යානය මගීන් 275 ක්ද සහිතව පෙරේදා පස්වරුවේ නැවතත් කොළඹ දක්වා පැමිණෙමින් ඇත්තේ අඩි 30,000 ක් ඉහළකින් ගමන් කරමිනුයි.

යානය තුර්කි ගුවන් කලාපයේ ගමන් කරමින් තිබියදී තුර්කි ගුවන් ගමන් පාලකයන් දන්වා ඇත්තේ අඩි 35,000 ක් ඉහළට යානය ඉහළ නංවන ලෙසයි.

එහෙත් බ්‍රි්තාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් ලන්ඩන් සිට සිංගප්පූරුව දක්වා එම උසින් ගමන් කරමින් ඇතැයි සිය රේඩාර් තිරයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකන් ගුවන් නියමුවා විසින් තුර්කි ගුවන් ගමන් පාලකයන් වෙත දන්වා තිබෙනවා.

එවැන්නක් සිය රේඩාර් තිරයේ නොමැති බවත් අඩි 35,000 ක් උසකට ශ්‍රී ලංකන් යානය ඉහළ නංවන ලෙසත් තුර්කි ගුවන් ගමන් පාලකයන් නැවතත් දන්වා ඇතැයි සඳහන්.

එහිදී ශ්‍රී ලංකන් ගුවන් නියමුවා යළිත් අවධරණය කර ඇත්තේ නැවතත් රේඩාර් තිරය පරීක්ෂා කර බලන ලෙසයි.

ඉන් විනාඩි කිහිපයකට පසු ශ්‍රී ලංකන් ගුවන් නියමුවා ඇමතූ තුර්කි ගුවන් ගමන් පාලකයන් සඳහන් කර ඇත්තේ අඩි 35,000 ක් උසින් බ්‍රි්තාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගමන් කරමින් පවතින බැවින් කිසිදු අයුරකින් ශ්‍රී ලංකන් යානය ඉහළට නොගන්නා ලෙසයි.

කිසියම් අයුරකින් ශ්‍රී ලංකන් ගුවන් නියමුවා විසින් යානය ඉහල දැමීමක් සිදුකලේ නම් ගුවන් යානා 02 එකිනෙක ගැටී දැවැන්ත විනාශයක් සිදුවන්නට ඉඩ තිබූ බවයි ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »