Breaking: ඔස්ටේ්‍රලියාවේ අවම වැටුප සතියට $ 40 කින් වැඩි කෙරේ

DOLLAR-MONEY.

ඔස්ටේ්‍රලියාව අවම වැටුප සියයට 5.2 කින් ඉහළ නංවා තිබෙනවා.

Fairwork කොමිසම නිවේදනය කලේ ඇතැම් රැකියාවල පවතින දැඩි සේවක හිගය මෙන්ම ඉහළ යන උද්ධමනය මීට බලපෑ බවයි.

මේ අනුව අවම ජාතික වැටුප ඩොලර් 21.38 ක් දක්වා ඉහළ යනවා.

මේ අනුව අවම වැටුප් ලබන සේවකයෙකුට සතියකට ඩොලර් 40 ක පමණ අමතර මුදලක් හිමිවනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය නුදුරේදී සියයට 06 ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබිම හමුවේ මෙම වැටුප් වැඩි කිරීම සිදුකල බවද Fairwork කොමිසම කියාසිටියා.

මෙම වැටුප් වැඩි කිරීම ලබන 01 දා සිට බලාත්මකයි.

මෙමගින් ඔස්ටේ්‍රලියාව තුළ මිලියන 02 ක පමණ සේවකයන් පිරිසකට ප්‍රතිලාභ අත්වනු ඇති.

පසුගිය මැතිවරණයේදී එවක විපක්ෂ නායක, වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් පැවසුවේ තමා බලයට පත්වුවහොත් සියයට 5.1 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »