
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පරිශීලකයන්ටද පැරණි Chat අහිමිවීමකින් තොරව ඇපල් (iOS) මෙහෙයුම් පද්ධතියට මාරුවීම සඳහා වට්ස්ඇප් විසින් පහසුකම් සළසා තිබෙනවා.
මීට වසරකට පමණ පෙරදී ඔවුන් ඇපල් මෙහෙයුම් පද්ධතියේ සිට ඇන්ඩ්‍රොයිඩ් දක්වා මාරුවීමට අවස්ථාව සළසා දෙනු ලැබුවා.
විශේෂයෙන් නව දුරකථනයක් මිළදී ගැනීමේදී පැරණි Chat අහිමි නොවීම සඳහා මෙම නව විශේෂාංගය ඉවහල් වන බව සඳහන්.

ජංගම දුරකථන ග්‍රාහකයන් විසින් දීර්ඝ කාලයක් සිට කරන ලද ඉල්ලීම් සලකා මෙම පියවර ගත් බවයි වට්ස්ඇප් හි හිමිකාරීත්වය හිමි මෙටා සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියාසිටියේ.
