
වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් බාලවයස්කාර දරුවන් වයස අවුරුදු 10 වැනි අඩු වයස මට්ටමකදී පවා අන්තර්ජාලය ඔස්සේ රැඩිකල් මතවාද වෙත නැඹුරුවන බව අනාවරණය වී තිබෙනවා.
අන්ත දක්ෂිණාංශික මතවාද වෙත දරුවන් පෙළඹීම සම්බන්ධයෙන් සිදුකරන ලද පාර්ලිමේන්තු විමර්ශනයකදීයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.
2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන 02 කට පහරදුන් සුදු ජාතික අන්තවාදී තැනැත්තා සම්බන්ධ සිද්ධියත් සමගයි මෙම විමර්ශනය ආරම්භ කර තිබුණේ.

විශේෂයෙන් නාසි වාදී අදහස් දරන පුද්ගලයන් විසින් වික්ටෝරියා ප්‍රාන්තවාසී දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිය මතවාදයන් සඳහා පොළඹවා ගැනීම් සිදුකරන බවටයි හෙළිකර ගැණුනේ.
ඔස්ටේ්‍රලියාවේ නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම් කරන ලද පළමු ප්‍රාන්තය වන්නේද වික්ටෝරියා ප්‍රාන්තයයි.
