
ඔස්ටේ්‍රලියා ගුවන් තොටුපළවලදී මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි මෙම ලිහිල් කිරීම සිදුවන බවයි සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති කමිටුව විසින් මධ්‍යම රජයට අනුමැතිය දී ඇත්තේ.
කෙසේවෙතත් ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය වනු ඇති.

කොවිඩ් තත්වය සළකා බලා ඉදිරියේදී එම අවශ්‍යතාවයද ඉවත් කිරීම කෙරෙහි සළකා බලන බවයි රජය දන්වා සිටින්නේ.
කෙසේවෙතත් හැකි සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ භාවිතයට ජනතාව දිරිමත් කරන බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති කමිටුව සඳහන් කර සිටින්නේ.
