Search

හර්ෂ කිව්වේ බොරුවක්ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඉක්මණින් එම සහාය ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා , පෙරේදා දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවත් එහිදී ලංකාවට නිසි සැලසුමක් නොමැති නිසා රටවල් උපකාර කිරීමට නොපැමිණෙන බව ඔහු පැවසූ බවයි.

මොහොහමඩ් නෂීඩ් අද ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් සටහනක් තබා තිබුණා.

ඔහු එමගින් දක්වා ඇත්තේ හර්ෂ ද සිල්වා යනු තමාගේ හොඳ මිතුරෙකු වන අතර රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »