ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්- ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වෙමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්- ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වෙමු.
A request from President Gotabaya Rajapaksa: Let’s prepare for a development shift with a change of attitude.

ජනාධිපතිතුමා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගිය 17 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු නිසි ලෙස​ වැඩ නොකිරීම බවයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සෑම දවසකම එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බව ද පැවසුවේය.

තවද ජනාධිපතිතුමා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය​.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »