ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වීමට නියමිතයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02 යි 30 ට එය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව දසුන් ශානක ගේ නායකත්වයෙන්ද ඔස්ටේ්‍රලියාව ඒරන් ෆින්ච් ගේ නායකත්වයෙන්ද තරග කරනු ඇති.

මෙම තරගාවලියේ මුල් තරග 02 පල්ලේකැලේ හිදීත් අවසාන තරග 03 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇති.

දෙරට අතර පන්දුවාර 20 තරගය 2-1 ක් ලෙස ජයගත්තේ ඔස්ටේ්‍රලියාවයි.

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »