2022 රැජිණගේ ජන්ම දින ගෞරව ලැයිස්තුවට ඔස්ටේ්‍රලියානුවන් 92 ක්

2022 රැජිණගේ ජන්ම දින ගෞරව ලැයිස්තුවට ඔස්ටේ්‍රලියානුවන් 92 දෙනෙකු නම් කර තිබෙනවා.

සුපිරි ක්‍රීඩක ශේන් වෝන් – ටෙනිස් ක්‍රීඩිකා ඈෂ් බාර්ටි – නිවු සවුත් වේල්ස් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය කෙරී චාන්ට් ද ඊට අයත්වීම විශේෂත්වයක්.

මෙවර ලැයිස්තුවට අයත් බහුතරයක් කොවිඩ් වසංගතයෙන් ඔස්ටේ‍රලියාව මුදා ගැනීම සඳහා කැපවී කටයුතු කල පිරිස්වීම විශේෂත්වයක්.

ශේන් වෝන් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ ඔහු විසින් සිදුකල සුබ සාධන කටයුතු සැළකිල්ලට ගෙනයි.

02 වන එළිසබෙත් රැජිණගේ ජන්ම දිනයට සමගාමීව සෑම වසරකදීම ගෞරවනීය ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කෙරෙනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »