
ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සංචාරක අමාත්‍යංශය එක්ව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.
ශේන් වෝන් ගේ පවුලේ සමාජිකයන්ද මෙම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පැමිණෙන බවට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී විසින් තහවුරු කර ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කලා.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ මුල් තරග කිහිපය ඔස්ටේ්‍රලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ට අහිමිවී තිබෙනවා.
ඒ පළමු පන්දුවාර 20 තරගයේදී ඔහු ආබාධයකට ගොදුරුවීම හේතුවෙනුයි.

ඇතැම්විට සමස්ත එක්දින තරගාවලියම මිචෙල් ස්ටාර්ක්ට අහිමිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.
දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා පල්ලේකැලේ හිදී පැවැත්වීමට නියමිතයි.