Search

මෙල්බන් කොන්සල්ට වික්ටෝරියා අගමැතිගෙන් ස්තූති ලිපියක්

මෙල්බන් කොන්සල් ජනරාල් ධුරයේ කාලය අවසන් කර යළි කොළඹට පිටත්ව යන කපිල ෆොන්සේකා හට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ස්තූතිය පළකර ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වික්ටෝරියා රජය ශ්‍රී ලංකාව සමග වෙළඳ – සමාජ – සංස්කෘතික ඇතුලු අංශ රැසක ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යන බවයි.

වික්ටෝරිය ජනගහණයෙන් 07 වන වැඩිම ජන කොට්ඨාශය නියෝජනය කරන්නේ ලාංකික ප්‍රජාව විසින් බවයි එහි දක්වා ඇත්තේ.

ඔවුන් විසින් ප්‍රාන්තයේ ආර්ථිකය නගා සිටුවීමට දරන ප්‍රයත්නයද අගමැති ඇන්ඩෲස් විසින් සිහිපත් කර තිබෙනවා.

ප්‍රාන්ත සීමා යළි විවෘත කිරීමත් සමග ලාංකික සිසුන් සහ සංචාරකයන් වෙනුවෙන් වික්ටෝරියාව නැවතත් විවෘත වී ඇති බවද අගමැතිවරයා විසින් කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා වෙත එවා ඇති ලිපියේ සඳහන්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »