Search

Breaking: බැසිල් මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බව බැසිල් රාජපක්ෂ පවසනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියාසිටියේ.

ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කල බවද ඔහු සඳහන් කලා.

මින් ඉදිරියට රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවයි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කලේ.

කෙසේවෙතත් පොදුජන පෙරමුණ සම්බන්ධ දේශපාලන කටයුතුවල නිරත වන බවයි ඔහු පැවසුවේ.