ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කල ලාංකිකයන් 15 ක් කටුනායකට

නීතිවිරෝධී ලෙස ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීමට තැත් කිරීමේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මොවුන් සියලූම දෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් බව සඳහන්.

මීට දින 19 කට පමණ පෙර මොවුන් බහු දින ධීවර යාත්‍රා මගින් ඔස්ටේ‍රලියාව වෙත ගොස් ඇති අතර එහිදි ඔස්ටේ්‍රලියානු දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත වෙත ගෙන ගොස් එහි රඳවා තබා ගැනීමෙන් අනතුරුව මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබෙනවා.

ඔස්ටේ්‍රලියා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස රැගෙන විත් තිබුණා.

ඔවුන් සමග එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති මෙම පිරිස අනතුරුව කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී මොවුන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »