ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs මැයි මාසයේදී 0.2% කින් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs ප්‍රමාණය මැයි මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල් 14 වනදා සිට මැයි 14 වනදා දක්වා කාලය තුළ ලද දත්ත අනුව එය හෙළිවන බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ.

පාස්කු සති අන්තය – පාසල් නිවාඩුව වැනි කරුණු මත අප්‍රේල් මුල් කාලයේදී ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs සංඛ්‍යාව පහළ ගොස් තිබුණා.

එමෙන්ම 2021 පළමු කාර්තුව තුළ ප්‍රමාණයේ වැඩිවීම හා සැසඳීමේදී මෙම වසරේදී Payroll jobs ප්‍රමාණයේ වැඩිවීම පහළ මට්ටමක පැවති බවත ඔස්ටේ‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙනවා.

කොවිඩ් තත්වය කිසියම් පාලනයක් පැවතියහොත් ඉදිරි මාස කිහිපයේදී Payroll jobs සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් ඉහළ යනු ඇති බවයි ඔස්ටේ‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය අනාවැකි පළකරන්නේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »