
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අනුයුක්ත ශ්‍රී ලාංකිකයෙකු වන දුලාන් කොඩිකාර ට විශේෂ වගකීමක් පවරා තිබෙනවා.
ඒ ඔස්ටේ්‍රලියා – නවසීලන්ත සහ එංගලන්ත ශ්‍රව්‍ය – දෘෂ්‍ය ආබාධ සහිත ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන අලුබඳුන තරගාවලියේදී ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කිරිමයි.
ක්‍රීඩකයන් 14 දෙනෙකුගේ ශාරීරීක යෝග්‍යතාවය පවත්වාගෙන යාම ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීම වනවා.

වසර 03 කට පසු පැවැත්වෙන මෙවර තරගාවලියේ ඊයේ එනම් 08 වනදා ආරම්භ වු අතර ලබන 17 වනදා දක්වා බ්‍රිස්බන් හිදී පැවැත්වීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියා කණ්ඩායම 20-20 තරග 05 කට සහ එක්දින තරග 03 කට මෙහිදී සහභාගීවීමට නියමිතයි.

2015 සිට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය සමග කටයුතු කරන දුලාන් කොඩිකාර සැළකෙන්නේ අති දක්ෂ භෞත චිකිත්සකවරයෙකු ලෙසයි.
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අනුයුක්ත එකම ආසියානුවා වන්නේද ශ්‍රී ලාංකික දුලාන් කොඩිකාර වීම විශේෂත්වයක්.